BREAKING NEWS

Monday, 23 March 2020

කාන්තා පියයුරුවලට පිරිමින් මේ හැටි කැමති ඇයි? – නියම හේතුව මෙන්න

රිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ලිපිය අවසානයේදී සෑහීමකට පත්වෙන්න පුළුවන් පිළිතුරක් ඔයාලට ලැබේවි. කියවලාම බලමුකෝ එහෙනම්.

න්තා පියයුරුවල ප්‍රධානම කාර්යය වන්නේ ළදරුවෙක් පෝෂණය කිරීමට මව් කිරි ලබාදීම ලෙස සැලකුවත් ලිංගික හැඟීම් උද්දීපනය ද පියයුරුවල මූලික කාර්යයක් ලෙස පිළිගැනෙනවා. ‘නිරුවත් වානරයා’ පොත රචනා කළ ඩෙස්මන්ඩ් මොරිස් පවසන්නේ පියයුරුවල එකම කාර්යය මව් කිරි ලබා දීම නම් ඒවා අනෙක් සතුන්ගේ මෙන් වඩා දිගැටි හැඩයට පිහිටා තිබිය යුතු බවයි.

ළදරුවා තනපුඩුවලින් කිරි උරා බොන විට මවගේ මොළයෙන් ‘ඔක්සිටොසින්’ හෝර්මෝනය ශ්‍රාවය වනවා. මේ  හෝර්මෝනය ‘ආදර හෝර්මෝනය’ ලෙසත්  හැඳින්වෙනවා. මෙහිදී සිදුවන්නේ ඔක්සිටොසින් ශ්‍රාවය වීම නිසා කිරි දෙන මවත් කිරි උරා බොන ළදරුවාත් අතර දැඩි  බැඳීමක් ඇතිවීමයි. ළදරුවා කිරි උරාබොන සම්පූර්ණ කාලසීමාව තුලදී මවට ඔහු කෙරෙහි වැඩි අවධානයෙන් සිටීමටත් මෙම හෝර්මෝනය තමයි උපකාරී වන්නේ.
ඉතින් ලිංගික කටයුතුවලදී තනපුඩු උත්තේජනය මගින් ද ඉහත ආකාරයේ බලපෑමක් ඇතිවන බවයි ඇතැම් පර්යේෂකයන් මත පල කරන්නේ. එවිට එම කාන්තාවට තම සහකරුවා සමඟ වඩාත් ප්‍රේමණීය ඇසුරක් ලබා ගත හැකියි. එය දෙදෙනා අතර ඇති බැඳීම සහ ආදරයද වර්ධනය කරනු ලබන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.
පිරිමින් කාන්තා පියයුරුවලට ආකර්ෂණය වීමට මෙම කාරණාව දැඩිව බලපාන බව තමයි ඒ පර්යේෂකයන් පවසා සිටින්නේ

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates