BREAKING NEWS

Thursday, 9 April 2020

ඕස්ට්‍රේලියාවෙන් ඇසුන අහස පොළව නුහුලන අපරාදය

ඕස්ට්‍රේලියාවම හඬවන , අතිශය ඛේදජනක මිනීමැරීම හා සියදිවි නසා ගැනීම.
මේ සුන්දර පවුලේ පියා විසින් , තම මෝටර් රථය තුල සිටි ආදරණීය බිරිඳ
හා දරුවන් තිදෙනා පෙට්‍රල් වලින් නාවා, ගිනි තබා, ඔහුද පිහියකින් තම දිවි හානිකරගෙන ඇත්තේය.
දරුවන් තිදෙනා වාහනය තුලම පිලිස්සී මිය ගොස් ඇති අතර, රියෙන් එලියට පැමිණි මව , ඇයගේ අධික පිලිස්සුම් හේතුවෙන් පසුව රෝහලේදී මිය ගොස් ඇත.

මේ අතිශය ශෝචණීය සිදුවීමට මූලිකම හා එකම හේතුව වශයෙන් වාර්තා වෙන්නේ, දෙමවුපියන් අතර ඇතිවූ පවුලේ ප්‍රශ්ණ නිසා සිදුවූ ඔවුන්ගේ වෙන්වීමයි.
කෙසේ වුවද, ඒ සම්බන්ධයෙන් කිසිම වගකීමක් නොමැති, මේ සුන්දර දරු පැටවුන් , තම ජීවිත වලින් වන්දි ගෙවිය යුතුද ???
රථයේ ආරක්ෂක පටි වලින් බැඳී තිබූ , ඒ සියුමැලියන් කෙතරම් වූ වේදනාකාරී මරණයකට පත්වන්න ඇතිද යන්න සිතීමත්, සිත කම්පා කරවන සුළු නොවේද???
දියුණු යැයි ප්‍රකට සමාජ තුලද, මෙවැනි ඇදහිය නොහැකි අපරාධ සිදුවන්නේ කෙළෙසකද???
මෙය හුදකලාවූ සිදුවීමක් ලෙස , තර්ක කිරීමටද පුළුවන. එහෙත් මෙවැන්වූ අති බිහිසුණු පියවරුන් ඇතිවන්නේ කෙළෙසකද?
ඒ දියුණු සමාජයන් විසින්ම , මේ අපරාධ නැවතත් නොසිදුවීමට වග බලා ගතයුතු නොවේද ??
😭
©UK
(සින්හල විස්තරය ෆේස් බුක් එකෙන්)
Original Article

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates