BREAKING NEWS

Tuesday, 25 April 2017

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපායක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.
සමනලී ෆොන්සේකා නමැති නිලියක් ද එම ඡායාරූපයට අනුග්‍රහය දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ඇති බවත්, වගකියුත්තන් සොයා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික හෙළ උරුමයත් සමග එක්ව දේශපාලන වෙනසක් ඇති කිරීම සදහා ‘අලුත් පරපුර‘ නම් සංවිධානයක කටයුතු කළ නිලී සමනලී ෆොන්සේකා සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ඇති එම ඡායාරූපය සහ ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මේ සමග දැක්වේ.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates