අභාවප්‍රාප්ත අමරදේව W. D. Amaradeva ශූරීන්ගේ දේහය හෙට (04) උදෑසන 10 සිට නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබෙනවා.
ඔහුගේ අවසන් කටයුතු අනිද්දා (05 වැනි සෙනසුරාදා) සිදුකෙරෙනවා.
අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ අවසන් කැමැත්තට අනුව අනිද්දා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදීමට ඥාතීන් තීරණය කර තිබෙනවා.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ අද පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ සිට කොළඹ පිහිටි මල්ශාලාව වෙත අමරදේවය ශූරීන්ගේ දේහය රැගෙන ගිය ආකාරයයි…..


Post a Comment