BREAKING NEWS

Sunday, 30 October 2016

රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය - පනන්ගොඩ පදිංචිකරුවෙකු වන 15 හැවිරිදි අයෙකුවය. සැකකරු පාසල් සිසුවෙකි.
අතවරයට පත්ව ඇත්තේ සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටි දැරිවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. දැරිවියගේ නිවසේ විදුලිය නොමැති නිසා ඇය රූපවාහිණිය නැරඹීම සදහා නිතර සැකකරුගේ නිවසට ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසයේ දිනක සැකකරුගේ නිවසේ රූපවාහිණිය නරඹමින් සිටින විට දැරිවියව වැසිකිළියට කැදවාගෙන ගොස් ඇති සැකකරු එහිදී පළමු වරට ඇයව දුෂණය කර ඇත. අනතුරුව අවස්ථාව ලැබෙනු අවස්ථා කීපයකදීම දෙදෙනා අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව කියති.
පාසලේදී දැරිවිය පෙන්වා ඇති අසාමාන චර්යාවක් හේතුවෙන් ඇය සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති විදුහල්පතිවරයා මේ බව ඇයගේ මව්පියන්ට දැන්වීමට කටයුතු කර ඇත. ඒ අනුව තම දියණිගේ අසාමාන හැසිරීම සම්බන්ධයෙන් සොයා බලන විට ඇය ගැබිණියක් බවට ඇයගේ මව්පියන්ට හෙලි වී ඇත.
පසුව දැරිවියගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසිය දැන්වීමට කටයුතු කර ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
පුත්තලම - ජුඩ් සමන්ත.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates