BREAKING NEWS

Thursday, 10 November 2016

විදෙස්ගත ලාංකිකයින්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක්?

විදෙස්ගත ලාංකිකයින්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක්?

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස විදෙස්ගත ශ්‍රමිකයින් රැසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවුද එය ඉටු නොවූ නිසා මෙවර 2017 අයවැයෙන් හෝ එම අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී. 
ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී එතෙර අපි සංවිධානය ද මේ පිළිබඳව අදහස් දැක්වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ ද ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ආදායම් උත්පාදනය කරන්නේ විදෙස් ශ්‍රමිකයින් බැවින් ඔවුන්ගේ මෙම ඉල්ලීමට රජය අවස්ථාව ලබාදිය යුතු බවයි.

එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිපුණආරච්චි මහතා," විදෙස්ගත අය රටට ආදායම් ගෙනෙන අංක එක. ඒත් ඒ වෙනුවෙන් ඔවුන්ට ආණ්ඩුවෙන් ලැබෙන සහන අවමයි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් තමයි, තීරු බදු රහිත වාහනයක් ලංකාවට ගෙනඒමේ අයිතිය ලබා ගැනීම. දැන් ආණ්ඩුව විවිධ අයට ඒ සහනය ලබාදී තියෙනවා. ඒත් ආණ්ඩුය දිගින් දිගටම එම සහනය විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදෙන එක පැහැර හරිනවා. අපි කියන්නේ අවම වශයෙන් ඔවුන් විසින් විදෙස්ගතව සිටියදී රටට එවන ලද මුදල් ප්‍රතිශතයක් ලෙස හෝ මෙම තීරු බදු සහනය ලබා දෙන්න. එය ඔවුන් විසින් හෙළන ලද ශ්‍රමයට වටිනාකමක් ලබාදෙන එක අංක එක. දෙවැන්න ඔවුන් මේ නිසා තමන් උපයන මුදල් නීත්‍යානුකූල ලෙස එවීමට කටයුතු කරනවා. වෙනත් අනීතික ක්‍රම මගින් මුදල් එවීම නතරවීම රජයට අමතර වාසියක් ද වෙනවා.
තවත් කරුණක් තමයි විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයන්ට පෙරදී රටේ ඕනෑම තැනකින් තීරු බදු සහන මිලට භාණ්ඩ මිලට ගත හැකිව තිබුණා. නමුත් දැන් එලෙස භාණ්ඩ මිලට ගත හැක්කේ ගුවන්තොටුපළෙන් පමණයි. ලක්ෂ විස්සක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් ඉන්නවා. ඔවුන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විදෙස්ගතවූ අය. ඔවුන්ට නිවසට ගතයුතුම භාණ්ඩ තෝරා බේරාගෙන මිලදී ගැනීමට රටේ ප්‍රධාන නගරවල තීරු බදු රහිත සාප්පු විවෘත කර එම සහනය ලබාදෙන ලෙස විදෙස් ශ්‍රමිකයන් ඉල්ලා සිටිනවා" යනුවෙන් කියාසිටියේය.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates