තමන් විශාදයෙන් පෙළෙමින් සිටි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වන්නේ නැහැ. නමුත්, ජනප්‍රිය නිරූපිකාවක වන මිරැන්ඩා කෙයර් එවැනි අයකු නොවෙයි. පසුගියදා මාධ්‍යයන් වෙත ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ 2013 දී තම සැමියා වූ ඕලැන්ඩෝ බ්ලූම්ගෙන් වෙන්වූ පසුව තමන්ට විශාදය වැලඳුණු බවයි.
දැනට 33 වැනි වියෙහි පසුවන මිරැන්ඩා, මේ වන විට ඉවාන් ස්පීගල් සමඟ විවාහ ගිවිසගෙනයි සිටින්නේ. ලබන වසරේදී ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවනු ඇතැයි පැවසෙනවා. (ඉවාන්, සුප්‍රකට ස්නැප්චැට් වෙබ් අඩවියෙහි සම නිර්මාතෘවරයෙක්) මිරැන්ඩා – ඉවාන් යුග දිවියෙන් ජනිත වූ එකම පුතු, ෆ්ලින් ක්‍රිස්ටෝපර් බ්ලූම්ගේ වයස මේ වන විට අවුරුදු 5ක් මේ පුංචි පුතා ඉවාන් ගේත් මිරැන්ඩාගේත් සෙනෙහස හොඳින්ම ලැබුවා.
මිරැන්ඩා කාලය ගත කළේ සැහැල්ලුවෙන්. ඒ වුණත්, ඉවාන්ගෙන්
වෙන්වූ පසුව ඇතිවූ විශාදය, තමන්ට තේරුම් ගැනීමට අපහසු වූ බවයි ඇය පවසන්නේ. “මට ඒ රෝගී තත්ත්වයේ ගැඹුර අවබෝධ වුණේ නැහැ. නමුත් දැන් නම් මට ඒ ගැන යම් දැනීමක් තියෙනවා. අද මට තේරෙනවා, ඕනැම ප්‍රශ්නයකට උත්තරය තමන් ළඟම තිබෙන බව. ප්‍රශ්නයක් මතු වුණාම සන්සුන්ව වාඩි වෙලා හොඳින් හුස්ම අරගෙන තමන්ගේ අධ්‍යාත්මයට පිවිසෙන්න.” එවිට විසඳුම් ලැබේවියැයි මිරැන්ඩා පවසනවා.











Post a Comment