BREAKING NEWS

Thursday, 1 June 2017

ආපදා සහන සලසන්න ඕස්ට්‍රේලියාවෙන් යාත්‍රා 10ක්!

පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි.
කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී  මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අධික වර්ෂාව නිසා ඇතිවූ  ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින්  ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.
මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක්   පිරිනැමීට පියවර ගෙන ඇත.

ඔස්ට්‍රේලියා පරිත්‍යාගයක් මත ලැබුණු නවීන පහසුකම් සහිත යාත්‍රා දහය කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී  අද (01) ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා ( Bryce Hutchesson) විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන්  අයුරු ඡායාරූපයේ දැක්වේ. නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද මෙහි වෙති.
මේ අනුව රටේ ඇතිවූ ආපදා තත්වය සමග ලොව රටවල් රැසක් අපට ලැබෙන්නේ මෛත්‍රී පාලනයකින් ලොව දිනන පසුබිමක වීම සුවිසේෂි කාරණයක් ලෙස ගත හැකිය.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates