BREAKING NEWS

Saturday, 27 May 2017

දූලිඇල්ලේ කොටුවූ කාන්තාවකගේ ජීවිතය වෙනුවෙන් 'තම දිවි කැපකළ' ගුවනින් වැටුණු සෙබළාගේ කතාව

දිස්‌ත්‍රික්‌ක කීපයක ජනතාව පීඩාවට පත් කරමින් ඇදහැළෙන අධික වර්ෂාව නිසා විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීමට සහ ඔවුන්ට සහන සැලසීමට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 6 ක්‌ සේවයේ යොදවා තිබෙනවා.

මෙම ගුවන් යානාවලින් විපතට පත්ව සිටි විශාල පිරිසක්‌ බේරා ගැනීමට හැකි වූ අතර ජනතාවට සහන සැලසීම සඳහා ද ඉන් සහාය සැලසෙනවා.

බෙල් 212, බෙල් 412 ගුවන් හමුදා යානා සහ විශේෂිත ගුවන් යානා සේවයේ යොදවා ඇති අතර එමගින් විපතට පත්වුවන් බේරා ගැනීමේ දී ඊයේ (26) ගුවන් හමුදා සෙබළෙකු කේබලය කඩා වැටී මරණයට පත් වුණා.
නෙළුව කොස්මුල්ල දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවට අයත් වතු නේවාසිකාගාරයේ කොටුවී සිටි කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට යද්දී කේබලය කැඩීමෙන් ඇද වැටුණු ගුවන් හමුදා සහන සේවා කණ්ඩායමේ ගුවන් භටයා  කරාපිටිය රෝහලේදී මියගිය බව ඊයේ රාත්‍රී වාර්තා වුණා.
මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයායි.
දූලිඇල්ල තේ කර්මාන්ත ශාලාවේ  කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළ බසිද්දී ඔහු අනතුරට ලක් වුණා.
එම ගුවන් හමුදා නිලධාරියාගේ ඡායාරූපය පහතින් දැක්වෙනවා.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates