BREAKING NEWS

Friday, 28 October 2016

රූමත් ගුවන්සේවිකාවක් දුෂණය කර පැනලා යන්න හදපු නපුරට ගේ ඇතුලෙම වෙච්ච දේ

ඊයේ රාත්‍රියේ වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ නවාතැනක සිටි ගුවන්සේවිකාවක් බලහත්කාරකම් කල පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය මගින් අත්අඩගුවට ගෙන ඇත.
අදාළ තරුණිය කූලී නිවසක තනිවම වාසය කර ඇති අතර, රාත්‍රී වැඩ නිමාවෙන් පසු පැමිණ රාත්‍රී ආහාරය ගෙන නින්දට යන අතරේ ගෙදරට ඇතුළු වූ පුද්ගලයෙකු ඇයට මරණීය තර්ජන එල්ල කොට බලහත්කාරකම් කර ඇත.
වරින් වර විවිධ අතවරයන් සිදු කර අවසානයේ ඇයගෙන් රන් ආභරණ සහ මුදල් ඉල්ලා ඇති අතර, ඒ අවස්ථාවේදී උපාය මාර්ගයෙන් බේරුණ ඇය වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ගොස් පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඒ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිසියේ අපාරාධ අංශයේ ස්ථානාධිපති උ.පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක මහතා මුරසංචාර සඳහා යොදවා තිබූ පොලිස් රථ එම ස්ථානයට කැඳවා ඇත. පසුව ගේ තුල සිටි අදාල පුද්ගලයා පොලිසිය විසින් කොටුකරගෙන ඇති අතර, ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමය නියමිතය.
ඔහු ඒ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක සේවය කරමින් සිටින අතර, අදාල තරුණිය යන එන වෙලාවන් සහ ඇය තනිව වාසය කරන බවට තහවුරු කරගෙන මෙම අපරාධය සිදු කර ඇත.
මෙහිදී වැලිකඩ පොලසියේ පොලිස් සැරයන් 56256 මොහාන්, පො.කො 38723 රංජිත්,පො.කො 59724 ගාමිණී,පො.කො 32560 පෙරේරා,පො.කො 78090 වීරතුංග යන නිලධාරීන් අදාල මෙහෙයුමට සහභාගී වී ඇත.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates