BREAKING NEWS

Monday, 10 October 2016

සෙල්ෆි ගැනීමට ගිය ලාංකික දැරියන් දෙදෙනා ඕමානයේදී දියට වැටි මරුට


ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මිය ‍ගොස් තිබේ.

සිය පවුලේ සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවකට සහභාගිවී සිටි අවස්ථාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දැරියන් දෙදෙනා මෙම අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහිදී එක් දැරියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයගේ පය ලිස්සා ගොස් ඇති අතර අනෙක් දැරිය ඇය බේරා ගැනීමට උත්සාහ දැරීමේ දී දෙදෙනාම ගැඹුරු දියට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වුවත් දියේ ගිලුණු දැරියන් දෙදෙනා බේරාගෙන රෝහල්ගත කළද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඕමානයේ සාලාලාහ්හි ඉන්දියානු පාසලේ ඉගෙනුම ලබන රුවනි ඩෙල්සර හේරත් සමරවීර හා ඕමානයේ පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබන සයිනබ් නම් . ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකි.







Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates