BREAKING NEWS

Wednesday, 12 October 2016

කොරියන් විභාගයෙන් 3514ක් සමත් – ප්‍රතිඵල මෙතනින් බලන්න

ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් අපේක්‍ෂකයින් 3514 දෙනෙකු සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. පසුගිය ඔක්තෝම්බර් 1 හා 2 යන දෙදින නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පැවති මෙම විභාගයට අයදුම්කරුවන් 20187 දෙනෙකු ඉදිරිපත්ව සිටියා. ධීවර අංශයේ රැකියා සඳහා විභාගය පසුගිය අගෝස්තු මස 8 සිට සැප්තැම්බර් මස 19 දක්වා දින 18ක් පැවැත්වු අතර ඒ සඳහා අපේක්‍ෂකයින් 3118 දෙනෙකු ඉදිරිපත් විය.


මෙවර විභාගය සමත් වූවන්ගේ නාමලේඛණය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිපුණතා පරීක්ෂණ ඔක්තොම්බර් මස 17 සිට 20 දක්වා අනුරාධපුර, මහනුවර, රත්නපුර, කඩවත, ගාල්ල, අතුරුගිරිය, සීදූව, තංගල්ල, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, වව්නියාව, පොළොන්නරුව, බදුල්ල, මතුගම යන කාර්යාංශයේ ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන 14 කදී පැවැත්වීමට නියමිතයි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates