BREAKING NEWS

Wednesday, 12 October 2016

අහුන්ගල්ලේ දී මහ මග මරුට බිළිවූ දියණියගේ ‘නිසල සිරුර අසළ’ මවයි පියයි මත ගැටුමක !

“මනාලියක් වෙන්න සිහින මවමින් සිටි මගේ ලොකු දුව අද මනාලියක් වගේ සැරසිලා පෙට්ටියක් ඇතුළට වෙලා ඉන්න හැටි දැක්කම මම කොහොම ඉවසන්නද” මෙලෙස පවසමින් හඬා වැටෙන්නේ අහුන්ගල්ලේ දී පසුගියදා පෞද්ගලික බස් රථයකට යටවූ මධුමාලිගේ මවයි.
මාර්ගයෙන් විරුද්ධ දිශාවට හැරී බස් රථය මධුමාලි යටකරගෙන ඇය නතරවී සිටි බස් මගී ආවරණයත් කඩා ගෙන ඉදිරියට ගොස් නතරවී තිබුණා.

“මගේ දුව බස් හෝල්ට් එකෙන් බස්සලා මහත්තය නිවසට ආව විතරයි. බෝම්බයක් පුපුරනවා වගේ මහා සද්දයක් ඇහුණා. මේ මොකක්ද කියමින් මමත් එළියට පැනලා මහ පාර පැත්තට දුවන්න ගියා. නමුත් මට එතැනට යන්න දුන්නේ නැහැ.” මධුමාලිගේ මව මේ ඛේදවාචකය ගැන හැඬු කඳුලින් පවසන්නේ දියණියගේ නිසල දේහය ඉදිරිපිට සිටයි.
“මධුමාලි ගිනි දල්වලා පුච්චනවා මට බලන්න ඉන්න බැහැ. ඒ නිසා මම කියන්නේ එයාව පුච්චන්න එපා කියලා. මගේ මහත්තය කියන්නේ පණුවන්ට කන්න දෙන්න දුව මිහිදන් කරන්න එපා කියලයි. අපි දෙන්න මේ ගැන අද උදෙත් වාද වුණා. ” යයි සියල්ලන් ඉදිරියේ හඬමින් ඇය පවසන්නේ අද අවසන් ගමන් යන දියණිය ගිණි දල්වනු බලා සිටිය නොහැකි නිසයි.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates