BREAKING NEWS

Wednesday, 31 August 2016

ජනපතිගේ වෙබ් අඩවියට වින කැටූ පාසල් හැකරාගේ පැටිකිරිය මෙන්න…(FB Photos)





ජනපතිගේ වෙබ් අඩවිය හැක් කරන ලද හර්ෂණ ශ්‍රීමාල් නැමැති සිසුවා මීට පෙර වෙබ් අඩවි හතකට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ. මොහු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වෙබ් අඩවි ආක්‍රමණය සිදුකරගෙන යන අතර මොහු විසින් ප්‍රසිද්ධ වෙබ් අඩවි කොපි කරමින් එලෙසම තවත් වෙබ් අඩවි ආරම්බ කර ඇති අයෙකි. මොහු විසින් ඇතැම් වෙබ් අඩවි විකිණීමද සිදුකරගෙන ගොස් ඇත.අපරාධ කල්ලි ලෙස හැසිරෙමින් විකෘත්ති ඡායාරූප දමා පෙනී සිටින් මෙම හැකර්වරු ෆේස් බුකිය තුළ හැසිරෙයි.එසේම මොවුන් විසින් සිය දැනුම අන් අයට බෙදා දීම සඳහාද වැඩපිලිවෙලක් ආරම්බ කොට තිබී ඇත. රණ බිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයේ සිසුවෙකු ලෙස මොහු අධ්‍යාපනය හදාරණ අතර ඒ අතර තුර මෙම ව්‍යාපාරය කරගෙන ගොස් තිබේ.දැනට හෙළිවන ආකාරයට මෙම මෙහෙයුමට බංගලිදේශ ජාතිකයකුද සම්බන්ධ බවට තහවුරු වී ඇත. ඔහු විසින් ෆේස් බුකියේ දැමූ පණිවිඩයක් පහත දැක්වේ

“මං කීයක් හරි හොයා ගන්ඩ කියල පොඩියට website එකක් පටන් ගත්තා. ඒත් ඉතින් තාම ඒකට daily visit නෑ. Please SEO කරන්ඩ දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් උදවු කරන්ඩකෝ… google එකේ පොඩ්ඩක් site එක උඩට ගන්ඩ. වැඩේ ගොඩ ගියොත් සලකනවා හොදේ….”

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates