
ඇය නමින් ජූලියා විජේසිංහයි.
උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දක්වන්නේ දැඩි ඇල්මකි.


මේ නිසාම ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට පසුගියදා ඇය කටයුතු කළාය.
සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙයි.
කෞතුකාගාරය ආරම්භ කිරීමට සිය දෙමව්පියන්ගෙන් ලද සහය අගය කරන ජූලියා වසර ගණනක් තිස්සේ කෞතුකාරයට අවශ්‍ය දෑ එකතු කර තිබේ.

ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙකි.

ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මැද කෞතුකාරය විවෘත වූ අයුරු සහ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
Post a Comment