BREAKING NEWS

Tuesday, 11 October 2016

ගැලැක්සි නෝට් 7 දුරකථන අලෙවිය නවතා දැමේ

සැම්සුන් සමාගම විසින් ගැලැක්සි නෝට් සෙවන් ස්මාර්ට් දුරකථන අලෙවිය අත්හිටුවනු ලැබ ඇති අතර එම දුරකථනය නිෂ්පාදනය කිරීම ස්ථීර වශයෙන් නවතා දමනු ඇති බවට වාර්තා පළ වේ.
සැම්සුන් සමාගම විසින් ගැලැක්සි නෝට් සෙවන් දුරකථන අලෙවිය අත්හිටවනු ලැබ ඇත්තේ එහි විදුලි කෝෂ ගිනිගත් බව වාර්තා වීමෙන් අනතුරුවයි.
සැම්සුන් සමාගම නෝට් සෙවන් දුරකථනය හඳුන්වා දුන්නේ ඊට වඩා පැරණි මාදිලියේ දුරකථන ද ගිනි ගත් බව වාර්තා වීමෙන් පසුවයි.
මෙම තත්වය සැම්සුන් සමාගමේ දුරකථන අලෙවියට බරපතළ පහරක් බවයි, තාක්ෂණික කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී රිහානන් විලියම්ස් පවසන්නේ.


"මේක පැහැදිලිවම සැම්සුන් සමාගමට බොහොම නරක ආරංචියක් නමුත් ඇපල් සමාගමට සුභාරංචියක්," ඇය පවසන්නීය.
"ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය කරන්නන්ගේ පැත්තෙන් බැලූ විට මේක ඔවුන්ගේ වැඩිම ආදයමක් ලැබෙන කාලය. නත්තල ආසන්න වෙන කොට ජංගම දුරකථනවලට ඉතා ඉහල ඉල්ලුමක් පවතිනවා. ඉතින් ගිනි ගන්න නෝට් සෙවන් දුරකථන මිලදී ගන්නවට වඩා ඔවුන් ඇපල් හෝ ගූගල් දුරකථන මිලදී ගන්න පෙළඹේවි," රිහානන් විලියම්ස් වැඩිදුරටත් සඳහන් කළාය.

Share this:

Post a Comment


 
Copyright © 2014 33000V 33000lk 30000NEWS 33000w.com Goossip Lanka News. Designed by OddThemes | Distributed By Gooyaabi Templates